Loading...

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ලාංකීය සංගීත රසිකයන් අතර ඉමහත් ජනාදරයක් දිනාගත් ගීත නිර්මාපකයෙක් වූ ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 66 වියේ පසු වූවා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේ දී අද (11) පෙරවරුවේ දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක නිර්මාණකරු වන්නේ ද සේනක බටගොඩ මහතායි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *