අධිකරණ නියෝග මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) උදෑසන කොළඹ මහාධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ විශේෂ වරෙන්තුවකට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේව මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
එහිදී සියලු දෙනාගේ දැඩි අවධානයට ලක්වූ විශේෂත්වය වූයේ, ඥානසාර හිමියන් සිය මහණකමේ චීවරය වෙනුවට බන්ධනාගාරය මගින් නියම කරන ලද ගිහි ඇඳුමෙන් හෙවත් සිරකරුවන්ගේ ජම්පරයෙන් සැරසී මහාධිකරණය හමුවට පැමිණ සිටීමයි.






Leave a Reply