Loading...

ලබන වසරේ සිට බිත්තරවලටත් VAT

එළැඹෙන වසරේ ජනවාරියේ සිට බිත්තර සඳහා 15% වැට් බද්දක් එකතු කිරීමට නියමිත බව වාර්තා වනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා පවසන්නේ මේ හේතුවෙන් බිත්තර මිල තවත් ඉහළ යනු ඇති බවයි.

පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කලද එම මිල ප්‍රමාණයන් අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

ඒ අනුව එම අධිකාරිය විසින් ජුලි 2 වනදා සිට බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා.

මෙහිදී සුදු බිත්තරයක් රුපියල් 43ත් 47ත් අතර මිලකට ද දුඹුරු බිත්තරයක් රුපියල් 45ත් 49ත් අතර මිලකට අලෙවි කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ මීට පෙර ද බිත්තර සඳහා උපරිම මිලක් නියම කළ ද එය අසාර්ථක වූ බවත් ඉන් කර්මාන්තය බිඳ වැටීම පමණක් සිදුවූ බවත්ය.

මිල පහළ දැමීමට නම් සිදුකළ යුත්තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මිස ඒකපාර්ශවික මිල නියම කිරීම නොවන බවද ඔහු කියා සිටියා.

ගොවි පොළවලින් බිත්තර නිකුත් කරනු ලබන රුපියල් 42ත් 43ත් අතර මිලකට වන අතර ඒ වෙනුවට මිල නියම කර ඇති පරිදි බිත්තර රුපියල් 43ත් 47ත් අතර මිලකට අලෙවි කිරීම අපහසු වන බව සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *