ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙක් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආදිවාසි සංස්කෘතියට නිඟාවන ලෙස ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.
මෙම වීඩියෝව නිර්මාණය කර පුද්ගලයන්ට දුරකථනයෙන් අමතා මේ පිළිබඳව දැනුවත් කළ බවත් ඒ සම්බන්ධව කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් ආදිවාසී පරපුර පිළිබඳව සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත් ආදිවාසී නායකයා එහිදී කියා සිටියා.
ආදිවාසී භාෂාව ද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ පටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බවද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply