Loading...

අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථක‍යි – මුදල් ලේකම්

එක්සත් ජනපදය සමඟ පැවැති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සපුරා ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමෙරිකානු තීරු බද්ද 20% දක්වා පහත හෙළීම සම්බන්ධව පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවේදීයි.

මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වුයේ කලාපයේ තරඟකරුවන්ට සමාන තීරුබදු අනුපාතයක් ලබා ගැනීමටත් විවිධ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ වෙළඳපොල කොටස පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබුණා.

සාකච්ඡාවල සාර්ථකත්වය හේතුවෙන් ඉදිරියේ දී තවත් වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද මුදල් ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.

ඒ මහතා මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සමඟ වෙළෙඳ සාකච්ඡාවලදී වෙළෙඳාමට බාධා පමුණුවන පැරා තීරුබදු අවම කිරීම සහ අමෙරිකානු සැපයුම්කරුවන්ට තරඟකාරී වෙළෙඳපොල ප්‍රවේශයක් ලබාදීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහන සැලකිල්ලට ගනිමින් “ජාතික තනි කවුළුව” (National Single Window) ක්‍රියාත්මක කිරීම ඇතුළු වෙළෙඳ පහසුකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *