අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලක අද (03) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැල් හිමිකරු බවයි.
අද (03) රාත්‍රී 7ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වයද බරපතළ බව වාර්තා වනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලිස් මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්,
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
————————————————-
හික්කඩුවේ දී වෙඩි තැබීමක් – 2025.04.03 07.40 AM
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මාර්ගය අසළ වෙළෙඳසැලක රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, තුවාල ලැබූ දෙදෙනා කරපිටිය රෝහලවෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
Leave a Reply