‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් මෙන්ම පස්කඳු කඩාවැටීම් සහ මාර්ගය සේදීයාම් 67ක් ඇතුළත් වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අලුත්වැඩියා කටයුතු අවසන් කරමින් කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු යොදා තිබෙනවා.







Leave a Reply