සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අද (20) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා.
මෙහිදී සමඟි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමඟ ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරඟ කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේ සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පාර්ෂ්වයෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply