Loading...

එජාප මහලේකම්ගේ පුතුට ඇප

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් පිළිබඳව අත්අඩංගුවට පත්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ බණ්ඩාර රංගේ බණ්ඩාර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මතයි.

කෙසේ වෙතත් සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලික අත්හිටුවීමට අධිකරණය නියෝග කළා.

ඊයේ ‍(29) අලුයම 4.30ට පමණ කරුවලගස්වැව හතේ කණුව මී ඔය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් ගත් මෝටර් රථය ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

අනතුර පිළිබඳව පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට වැඩබලන පුත්තලම මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

යශෝධ රංගේ බණ්ඩාර මහතා 2018 වසරේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *