ජයග්‍රහණය විශාල සේම එම ජයග්‍රහණයෙන් අප වෙත පවරා ඇති වගකීම් ඒ හා සමානව බර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුවයි.
ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තවදුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බවට මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
”අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා.
අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා.
දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා.
සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”
Leave a Reply