සියළු විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12 සිට අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීම සහ මාසික දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.
මේ අතර වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසනවා.
එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා කියා සිටියේ මීට සමගාමීව අද (02) කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බවයි.
Leave a Reply