Loading...

LTTE ගැන එක්සත් රාජධානිය තීරණයක් ගනී

LTTE තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම විසින් LTTE තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙනවා.

එක්සත් රාජධානියේ මහාධිකරණ විනිසුරුවෙක්ගේ ප්‍රධානත්වයෙන් දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මඟින් ස්ථාපිත කළ ස්වාධීන අධිකරණයකි.

මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණේ දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසිනි.

2001 වසරේ මාර්තු 29 වනදා එක්සත් රාජධානිය තුළ තහනම් සංවිධාන ලැයිස්තුවට LTTE සංවිධානය ඇතුළත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *