රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
මෙම නියෝගය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව රුපියල් 10000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත උදයංග වීරතුංග මහතා මුදා හැර තිබෙනවා.
අසල්වාසීයෙකුට පහරදීමේ සිද්ධියක් පිළිබඳව මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
Leave a Reply