Loading...

එකම දිනක ඡන්ද දෙකක් තියන්න බෑ – මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කියයි

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එක දිනක පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රට තුළ නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.

ඒ මහතා කියා සිටින්නේ මැතිවරණ දෙකම එකට පැවැත්වීම ජනප්‍රිය මාතෘකාව වුවත් එමඟින් වියදම අඩුවේ දැයි යන්න ගැටළුවක් වන බවයි.

බොහෝ දුරට එය වියදම වැඩිවීමට බලපාන කරුණක් විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

නිශ්චිත කාලයක ඒ ඒ මැතිවරණ පවත්වන්නේ නම් කිසිඳු ගැටළුවක් නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටින්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙම වර්ෂයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සුදානම් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *