Loading...

පොලිස් සිර මැදිරියෙන් දෙදෙනෙක් පලා ගිහින්

ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (03) අළුයම පලා ගොස් තිබෙනවා.

ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් මෙලෙස පලා ගොස් ඇති බවයි.

පසුගිය 01 වනදා මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගෙන රඳවා සිට තිබෙනවා.

ගාල්ල බෝපෙ වටරැක පාර පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක් සහ ගාල්ල කෝන්ගහ පාර මයිනාගොඩ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *