Loading...

යුක්‍රේන යුද පිටියට ලංකාවේ හමුදා සාමාජිකයින් යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට

යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ සාජන් මේජර්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස එරටට යවා යැවීමේ සිද්ධියට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ අවුරුදු 67 සහ 50 වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පසුවන හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු යුද හමුදා සාජන් මේජර්වරයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධව මීට පෙරද මේජර්වරයෙක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *