නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වීමේ චෝදනා මත දැනට එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” ට නීති උපදෙස් සහ ඇප ලබාගැනීමට නීතිඥවරුන් දෙදෙනෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
නවීන් ජයමාන්න සහ පේෂල කංගොඩආරච්චි යන නීතිඥවරුන් දෙදෙනා අද (18) පස්වරුවේ ඉන්දියාවේ මුම්බායි න්වර් බලා කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් ඇති බව සඳහන්.
මෙම නඩුව ලබන 21 වනදා ඉන්දියාවේ මුම්බායි නුවර තානේ (Thane ) අධිකරණයේ දී විභාග වීමට නියමිතයි.
Leave a Reply