අම්පාර පොතුවිල් අරුගම්බේ සංචාරක කලාපයේ හෝටලයක් තුළදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
පොතුවිල් පොලීසිය කියා සිටියේ අදාළ ඝාතනය කළ බවට සැක සිතන පුද්ගලයාගේ සිරුරද එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි.
මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා ඊයේ (12) මෙම හෝටල් කාමරයේ රැගෙන නවාතැන් ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මියගිය කාන්තාව තවත් පුද්ගලයෙකු සමඟ හෝටලයේ කාමරයක නවාතැන් ගෙන ඇති අතර කාමරය විවෘත නොකිරීම සම්බන්ධව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන් දැනුම් දී ඔවුන් කාමරයෙහි දොර කඩා විවෘත කර තිබෙනවා.
එහිදී කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන බවත් මුලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
Leave a Reply