Loading...

FOXHILL මෝටර් රථ අනතුර සම්බන්ධව තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දියතලාව, FOXHILL මෝටර් රථ අනතුර සම්බන්ධව තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අන්තරාකාරී ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර 2024 දියතලාව FOXHILL මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී සිදුවූ රිය අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙක් දිවි අහිමි වුණා.

අනතුරින් මියගිය පිරිස අතර කුඩා දියණියක්, ඇගේ මුත්තණුවන් මෙන්ම තරඟ නිරීක්ෂකයින් 04 දෙනෙක් ඇතුළත්.

21 දෙනෙක් අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් දියතලාව දිස්ත්‍රික් රෝහලට සහ බදුල්ල මහ රෝහලට වෙත ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම තරඟාවලිය මේ වසරේ පැවැත්වුණේ වසර 5කට පසුවයි.

අවසන් වරට 2019 වසරේ අප්‍රේල් 21 වන දින පැවැති මෙම තරඟාවලිය පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් අතරමඟ නතර කිරීමට සිදුවුණා.

වසර 5කට පසුව නැවත ආරම්භ වුණු තරඟාවලිය නැරඹී සඳහා ඊයේ (21) දින විශාල ජනකායක් සහභාගී වී තිබුණා.

තොරතුරු මුලාශ්‍ර – පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ යුද හමුදා මාධ්‍ය ඒකකය


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *