සිසුන් දණ ගස්වා පහරදීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයා වෙත ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ඊයේ (12) දිනයේ දී පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඔහු ඒ සඳහා නොපැමිණි බවයි.
මේ අනුව ඒ සම්බන්ධව අධිකරණයට දැනුම් දීමෙන් පසුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට එම අධිකාරියට පියවර ගෙන තිබෙනවා.
තවද සිද්ධිය පිළිබඳව පුද්ගලයින් රැසක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වනවා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
Leave a Reply