Loading...

ට්‍රම්ප් ඉන්දියාවට 25%ක තීරු බද්දක් පනවයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අනොන්‍ය තීරු බදු අනුපාතය 25%ක් බව නිවේදනය කර තිබෙනවා.

අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනය කළේ අගෝස්තු 1 වනදා සිට මෙම නව බදු අනුපාතය බලපැවැත්වෙන බවයි.

ඉන්දියාව අමෙරිකාවේ මිතුරෙකු වුවද, ඔවුන් විශාල තීරු බදු අනුපාතයක් පනවා ඇති බැවින් තම රට ඔවුන් සමඟ වසර ගණනාවක් සාපේක්ෂව ඉතා අඩු වෙළෙඳ ගණුදෙනු ගණනාවක් බවද ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාව රුසියාවේ විශාල ලෙස වෙළෙඳ ගණුදෙනුවල නිරතවීම ද ඉන්දියාවට මෙලෙස දණ්ඩන තීරු බදු අනුපාතිකයක් පැනවීමට හේතු වී ඇති අමෙරිකානු ජනාධිපතිවරයා අනාවරණය කරනවා.

මේ අනුව ඉන්දියාවෙන් අයකරන තීරුබදු ප්‍රතිශතය ඉහළ දැමීමට හේතු වී තිබෙනවා.

තවද ඉන්දියාව මිලදී ගෙන ඇති යුද උපකරණවලින් බහුතරයක් රුසියාවෙන් මිලදී ගෙන ඇති බවද ට්‍රම්ප් පවසනවා.

මෙම සියලු කරුණු පදනම් කරගනිමින් අමෙරිකාව විසින් මෙලෙස ඉන්දියාවෙන් 25%ක තීරු බදු ප්‍රතිශතයක් අයකිරීමට තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *