අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැනවූ සමස්ථ තීරු බදු ප්‍රතිශතය 145% බව ධවල මන්දිරය පවසනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 09 වනදා නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැනවූ 125%ක බද්ද පිළිබඳව විශේෂ පැහැදිළි කිරීමක් සිදුකරමින් ඔවුන් මේ බව අනාවරණය කර තිබෙනවා.
මෙහි දැක්වෙන පරිදි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ චීනය පිළිබඳව එතෙක් පැවැති 20%ක බදු ප්‍රතිශතය නොමැති අගයයි.
මේ අනුව චීනය සම්බන්ධව අමෙරිකාව අනුගමනය කරන නවතම බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බවද ධවල මන්දිරය වැඩිදුරටත් පවසනවා.
Leave a Reply