Loading...

ට්‍රම්ප් චීන ආනයන සඳහා 104%ක තීරු බදු පනවයි

චීන ආනයන සඳහා 104%ක තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු අද වන විට ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

මෙහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගනු ලැබුවා.

එම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා කියා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමා පියවර ගන්නා බවයි.

ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරු බදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සුදානම් බවද ඊට ප්‍රතිඋත්තර ලබාදෙමින් චීන වාණිජ අමාත්‍යාංශය පවසා තිබෙනවා.

මෙවැනි පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයනය සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට තීරණය කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *