Loading...

ට්‍රම්ප් බයිඩන්ගේ පළමු විවාදය උණුසුම් වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN රූපවාහිනිය මඟින් සංවිධානය කළ විවාදයකට සහභාගී වී තිබෙනවා.

විචාරකයන් එහිදී සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා “බොරු කියන” බවට එකිනෙකාට චෝදනා කරගත් බවයි.

සජීවීව විකාශය කළ මෙම විවාදය විශාල පිරිසක් නරඹා තිබූ බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් සහ බයිඩන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදෙස් ප්‍රතිපත්ති විවේචනය කර ඇති අතර ට්‍රම්ප්ගේ අපරාධ සහ 2020 වසරේ දී ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට බයිඩන් මෙහිදී චෝදනා කර බව සඳහන්.

ලබන නොවැම්බර් 05 වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා මෙම දෙදෙනා ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් මේ දෙදෙනා ප්‍රසිද්ධ විවාදයකට එක්වූ පළමු අවස්ථාව මෙය වෙනවා.

ස්ටෝම් ඩැනියෙල්ස් නම් නිල් චිත්‍රපට නිළියක් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්බන්ධතාවක් පිළිබඳව ද ජෝ බයිඩන් අදාළ විවාදයේ දී කරුණු දක්වා තිබෙනවා.

කෙසේ නමුත් එම චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *