Loading...

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශය ව්‍යාපෘති කාර්යාල 38ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු වීමේ නියෝගයක් නිකුත් වී තිබෙනවා.

රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා ඇති අමාත්‍යාංශ ව්‍යාපෘති කාර්යාල 38ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇති බවයි.

මෙලෙස ස්ථාන මාරු වීම් කළ නිලධාරීන් අතර ව්‍යාපෘති කාර්යාල 38ක අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ද සිටින බවද ඔහු පැවසුවා.

එම නිලධාරියා පෙන්වා දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ව්‍යාපෘති කාර්යාල 38 ඒ ඒ අමාත්‍යංශවල පිහිටුවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ තවත් නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙන තෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටින ඇති බවත්ය.

මේ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් ඇති බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවද වාර්තා වනවා.

උසස් නිලධාරියා සඳහන් කළේ ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවයි.

රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම මෙහි මුලික අරමුණ වී තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කිරීම අදාළ නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත්ය.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට මාරු වීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යාංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *