රාත්‍රී තැපැල් දුම්රිය පිලී පැනීමෙන් ඇනහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පීලි පැනීමට ලක්වූ දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවයි.
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමෙන් අද (30) අලුයම සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
Leave a Reply