දැනට හඳුන්වා දී ඇති නව වීසා ක්‍රමය හේතුවෙන් සංචාරක පැමිණීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටි ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන ආයතන කිහිපයක් විසින් එම වීසා ක්‍රමය යළි සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතව තිබෙනවා.
වසර කිහිපයකට පෙර පළමු වරට පසුගිය වසරේ නොවැම්බර් මස දී 2015 වසරේ වාර්තා වූ සංඛා දත්ත ඉක්මවා යන සංචාරක පිරිසක් දිවයිනට පැමිණ තිබු බව සඳහන්.
එම ආයතනය චෝදනා කරන්නේ 2015 සිට 2024 ජනවාරි මස දක්වා සංචාරක පැමිණීම් 2015 සහ 2016 යන වසරවලට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ ගියද 2024 වසරේ අප්‍රේල් මසදී VFS ආයතනයේ මැදිහත් වීම සහ විසා ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සංචාරක පැමිණීම් සැලකිය යුතු පහත වැටීමට පටන්ගත් බවයි.
මේ පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කළද මේ දක්වා කිසිඳු විසඳුමක් ඉදිරිපත් වී නොමැති බවද ඔවුන් චෝදනා කරනු ලබනවා.
ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා හෝටල් සංගමය, සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය සම්මන්ත්‍රණ ප්‍රදර්ශන කරුවන්ගේ සංගමය, ලංකා හෝටල් පාසල යන ආයතන විසින් මෙම මුලික අයිතිවාසිකම් ගොනු කර තිබෙනවා.
VFS නව ක්‍රමය කෙතරම් සංකීර්ණ වුවත් වීසා නිකුත් කිරීමේ දී මීට පෙර සංචාරකයන්ගෙන් අසන ලද ප්‍රශ්ණ ගණන 10ක් වැනි සුළු ප්‍රමාණයක් වූ අතර අද වන විට එය ප්‍රශ්ණ තිහක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.
තවද ශ්‍රී ලංකාව රටවල් හතක් සඳහා විසා නිකුත් කරන බව පැවසුවද දැනට හඳුන්වා දී තිබෙන VFS ක්‍රමය මඟින් ඔවුන්ගේ ඩොලර් 10ක මුදලක් අය කරන බවද සඳහන්.
ඒ අනුව නව වීසා සැකසීමේ ක්‍රමය සංචාරක කර්මාන්ත විශාල බලපෑමක් ඇති කර ඇති බවද සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Leave a Reply