Loading...

සංචාරක පැමිණීම ලක්ෂ 8 සීමාව ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ගණන 816191ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරීයේ නවතම දත්ත වාර්තාවල මේ බව සඳහන්ව තිබෙනවා.

මින් අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

අප්‍රේල් මස පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් අප්‍රේල් 12 වනදා පැමිණ ඇති අතර එදින පමණක් 7585ක පිරිසක් පැමිණ ඇති බව සඳහන්.

තවද අදාළ කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

එම පිරිස 18,220ක් ලෙස සටහන් වනවා.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,425ක්, රුසියාවෙන් 8,705ක් සහ ජර්මනියෙන් 7,746ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *