Loading...

හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (21) දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

“ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇත. අඅභාවයට පත් වූවන්ගේ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට මගේ බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරමි. ජනාධිපති රයිසිගේ සහ ඔහුගේ දූත පිරිසගේ පවුල්වලට අපගේ සිතුවිලි සහ යාඥාවන් සිදු කරන්නෙමු.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *