2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වන විට බෙදා හැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ වූ අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“හෙට දිනය ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහාරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා කටයුතු කරනවා.
එම දිනයේදී අපි බලාපොරොත්තු වෙනවා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදෙන්න.
ඒ නිසා නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙසට.”
Leave a Reply