සිරි දළදා වන්දනාව දෙවන දිනයටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
දළදා වන්දනාව අද (19) දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි වනවා.
සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3ක මෙලෙස ජනතාව පෝලිම් ගැසී රැදී සිටිනවා.
ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.
මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
Leave a Reply