රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සහ උත්සවශ්‍රීයෙන් සමරන රාමසාන් දිනය අදයි.
කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ ඊයේ (09) රාත්‍රීයේ නව සඳ දර්ශනය වීමත් සමඟ අද (10) රාමසාන් උත්සවය සමරන බවයි.
රාමසාන් උත්සවය හැදින්වෙන්නේ ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත්ම වන උත්සව අවස්ථාවක් වන අතර ඉස්ලාම් බැතිමතුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි.
ශුද්ධ වූ අල් කුරානය අල්ලා දෙවියන් විසින් ලබාදුන් ලයිනතූර් කත්‍රී නැමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසය ලෙසයි රාමසාන් මාසය හැදින්වෙන්නේ.
මේ අතර අද (10) ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.








Leave a Reply