සිංහල දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනට යෙදී තිබෙනවා.
අද (16) පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වනවා.
මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
Leave a Reply