ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එම සංගමය සඳහන් කළේ දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත්වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවයි සමස්ත ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා කියා සිටියේ.
“ඉවසුවා ඇති” යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක පැවැත්වෙනවා.
Leave a Reply