Loading...

මුහුදේ පාවෙමින් තිබූ ද්‍රාවණයක් පානය කළ ධිවරයින් තිදෙනෙක් මරුට

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වන විට තිදෙනෙක් මියගොස් තිබෙනවා.

එම ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩෙවොන් නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙක් මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඊයේ (28) රාත්‍රීයේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබූ බෝතල් කිහිපයක් හමුවී ඇති බව සඳහන්.

ඒවා මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා,

“වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රතමාධාර ලබාදෙනවා. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමණ යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා.

මේ වනවිට නාවික සැතපුම් 320කට වැඩි දුරකින් ජාත්‍යන්තර මුහුදේ තමයි මේ යාත්‍රාව තිබෙන්නේ. දැනට ගොඩබිමට ගමන් කරන වේගය පැයකට නාවික සැතපුම් 07කට ආසන්න වේගයක්. ඒ කියන්නේ දවස් දෙකට ආසන්න කාලයක් ගොඩබිමට පැමිණීමට ගතවෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *