මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණහිට ඇති බවයි.
මේ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply