රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ නමින් හැඳින්වෙන ගෙවීම් පහසුකම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (07) දියත් කරනු ලැබුවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනය සහ ලංකා පේ සමාගම ඒකාබද්ධව මෙම වැඩසටන දියත් කරනු ලබනවා.
මෙහි පළමු අදියර යටතේ ප්‍රධාන රාජ්‍ය ආයතනය 16ක මහජන සේවා ලබා ගැනීමේ දී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට ජනතාවට අවස්ථාව අද (07) සිට උදා වනවා.
අදාළ ආයතන අතරට නගර සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ද ඇතුළත් කර තිබෙනවා.
ගම්පහ නගර සභාව, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන ප්‍රාදේශීය සභාව, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එම ආයතන වන අතර වරාය අධිකාරිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික පිළිකා ආයතනය අපේක්ෂා සංවර්ධන කමිටුව, පරමාණුක බලශක්ති අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, තාක්ෂණික අධ්‍යාපනය සහ පුහුණු දෙපාර්තමේන්තු යන ආයතන ද GovPay’ වැඩසටහනට ඇතුළත්කර කර ඇති බව සඳහන්.
ඊට අමතරව ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන යාමද අද (07) ආරම්භ වුණා.
1978 වසරේ සිට මේ දක්වා ජනාධිපති අරමුදලේ අයදුම්පත් භාර ගැනීම සිදුවූයේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් වූ අතර නමුත් අද (07) සිට දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 341ක් ඔස්සේ ජනාධිපති අරමුදලේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.
Leave a Reply