Loading...

මීළඟ පාප්වහන්සේ පත්කරන කරගන්නේ මෙහෙමයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්නා අයුරු සම්බන්ධව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පැහැදිළි කිරීමක් සිදු කළා.

එම පියතුමන් පැවසුවේ ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ විට වාතිකානය විසින් දින හතරේ සිට දින හයක කාලසීමාවක දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවයි.

එම ශෝක කාලයෙන් පසුව පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන්නට කටයුතු කරනු ලබන බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා,

“සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම එහි සියලු වැඩ කටයතු සිදුකරනු ලබන්නේ කාදිනල් Camerlengo කියන…. මේක නාමයක්. පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ වුණා කියලා නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ කාදිනල් කමලිංගෝ. ඊළඟට සාමාන්‍යයෙන් චාරිත්‍රයක් තියෙනවා පාප්වහන්සේ කෙනෙකු පලඳින මුදුව මිටියකින් ගහලා එය විනාශ කරනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පාප්වහන්සේ කෙනෙක් විශේෂ ලියවිල්ලකට අත්සන් කරලා එය සීල් කරන්නේ තමන්ගේ මුදුවේ තිබෙන එම සලකුණේ. එතකොට ඒ නිසා තමයි මින් පස්සේ ඒ සලකුණ භාවිතා නොකරන්නට තමයි ඒ මුද්ද කඩා බිඳ දමන්නේ”

මේ අතර ශුද්ධෝත්තම පාප්වහන්සේ අවමගුල් පිළිවෙතට සහභාගී වීමට මෙරට රාජ්‍ය නායකයාට ද හැකියාවක් ඇති බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.

තවද ශුද්ධෝත්තම පාප්වහන්සේ අවමඟුල් උත්සවය සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *