මේ දක්වා මසකට රුපියල් 21000ක්ව පැවතුණු පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප, අයවැය යෝජනාවට අනුව මේ වසරේ සිට මසකට රුපියල් 27000 දක්වා වැඩිව තිබෙනවා.
කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 700 සිට 1080 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
පෞද්ගලික අංශයට දැනට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප වන රුපියල් 21000 2024 අංක 28 දරන ජාතික අවම වේතන (සංශෝධන) පනත අනුව ගෙවනු ලබන්නේ රුපියල් 17500 ද 2005 දරන අංක 36 දරන අයවැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 1000ක අයවැය සහන දීමනාව ද , 2016 අංක 4 දරන අය වැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 2500 ක අය වැය සහන දීමනාව ද යන තුනෙහි එකතුවක් ලෙසයි.
අදාළ නිවේදනය පහතින්,
Leave a Reply