Loading...

වැස්සෙන් විනාශ වූ වගාවන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

මේ අනුව අක්කරයක් සඳහා රුපියල් 40000ක උපරිමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් පාඩුව වගා හානි සම්බන්ධව දත්ත රැස්කර මෙම වන්දි ගෙවීමටයි රජය තීරණය කර ඇත්තේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තවද විනාශ වී ඇති පැල ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡාවක් පවතින බවයි.

ඉහත දැක්වූ භෝගවලට අමතරව උඩරට හා පහතරට එළවළු ගොවීන්ට හා පළතුරු ගොවීන්ටත් විශාල වශයෙන් හානි ඇති බවත් ඔවුන්ටත් යම් සහනයක් ලබාදීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *