Loading...

සචිත්‍රගේ නිවසට හොරු පැනලා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නිවසට ඇතුළු වූ සොරුන් දේපළ රැසක් සොරාගෙන තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ වටිනා අත් ඔරලෝසුවක්, ලැප් ටොප් පරිඝනකයක්, ටැබ් යන්ත්‍ර, රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ගිය දේපල අතර ඇති බවයි.

නිවසට ඇතුල් වූ සොරුන් ආරක්‍ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇති බවද මුලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සචිත්‍ර සේනානායක මහතා ඇතුළු පවුලේ අය අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේදී නිවසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබු දේපල සොරාගෙන ඇති බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *