විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයට අද (06) දිනයේ ඕනෑම අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා සුදානමින් පසුවන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු විධායක සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය පක්ෂයෙන් මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
අදින් පසුව පක්ෂයේ නායකයින් අතර විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු නොවන බවද ඔහු මෙහිදී කියා සිටිනවා.
කෙසේ නමුත් අදාළ විවාදය පිළිබඳව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයක් ප්‍රකාශයට පත්කරන තෙක් තම පක්ෂය මෙම විවාදයන්ට සුදානමින් සිටින බවයි.
Leave a Reply