ගිහි කළ සිටියදී කරන ලද සොරකම් සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා තරුණ භික්ෂුවක් යක්කල පොලිස් ස්ථාන වෙත ඊයේ (04) භාර වී තිබෙනවා.
යක්කල පොලීසිය කියා සිටියේ මෙම භික්ෂුව පොලීසියට සිය මව සමඟින් පැමිණ ඇති බවයි.
ඉන් අනතුරුව භික්ෂුන් වහන්සේ පොලීසියට භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම භික්ෂුව පොලිසියේ හමුවේ ප්රකාශ කර ඇත්තේ තමා ගිහියෙකුව සිටියදී මීට වසර 8ක පමණ ඉහතදී කරන ලද මෙම සොරකම්වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දෙන තුරු බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් හෝ සැනසිල්ලක් හෝ නොමැති බවයි.
ගිහියෙකුව සිටියදී තමා කළ මෙම සොරකම් සම්බන්ධව නිතර හිතට වද දෙන බවත්, එම සොරකම්වලට දඬුවම් විඳ හිතට සහනයක් ලබා ගත යුතු නිසා පොලිසියට භාර වීමට තමන් තීරණය කළ බවත් උන්වහන්සේ පොලීසිය හමුවේ සඳහන් කර තිබෙනවා.
Leave a Reply