රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් රථය එකවරම හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
මෙම රථය මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරන අතරතුරදීයි ගිනි ගැනීමකට ලක්ව ඇත්තේ.
මෙම අනතුර අද (16) අළුයම 12.45ට පමණ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
අමාත්‍යවරයා ඇල්ල ප්‍රදේශයේ අවුරුදු උත්සවයක පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙන අතරතුරදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
පොලීසිය සඳහන් කරන්නේ අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති බවයි.
රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
Leave a Reply