එකතු කළ අගය මත බදු 15% සිට 18% දක්වා වැඩි කිරීමට අදාළව නියමයන් වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේ දී අද (02) සම්මත වී තිබෙනවා.
අදාළ නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි.
මෙම නියෝග අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධව බව පැවසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මුලසුනට දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුවයි නියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණේ.
ඊට අමතරව බැංකු සංශෝධන පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගද මෙහිදී සම්මත වී තිබෙනවා.
Leave a Reply