Loading...

නව විදුලි ගාස්තු ගැන උපයෝගීතා කොමිසමේ තීරණය ජුලි මස මැදදී

නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය විසින් යොමු කර ඇති යෝජනාවට අනුමැතිය ලබාදීම ජුලි මස මැද භාගයේ දී පමණ විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ විදුලිබල මණ්ඩලයෙන් යොමුකර ඇති නව ගාස්තු සංශෝධන සම්බන්ධව යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට ද අපේක්ෂාවෙන් සිටින බවයි.

ඉන්පසුව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් නිගමනය ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

අදාළ අවසන නිගමනය ලබාදීම ජුලි මස දෙවන සතිය වන විට සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

කෙසේ වෙතත් විදුලිබල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජුලි මස 01 වනදා සිට විදුලි ගාස්තු අඩු කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *