ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරඟයෙන් පෙරළිකාර ජයග්‍රහණයක් කර ගැනීමට අමෙරිකානු කණ්ඩායම ඊයේ (06) මැදියම් රාත්‍රියේ සමත් වුණා.
අමෙරිකාවේ ඩලස් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඇමෙරිකානු කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළා.
පාකිස්ථාන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 26කට දවා ගැනීමට අමෙරිකානු කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා.
ඉන් අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් Babar Azam සහ Shadab Khan අතර පන්දු 48කදී ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූණා.
පාකිස්ථානය වෙනුවෙන් Babar Azam ලකුණු 44ක් සහ Shadab Khan ලකුණු 40ක් ලබා ගනු ලැබුවා.
අමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් Nosthush Kenjige කඩුලු 3ක් සහ Saurabh Netravalkar කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 160ක හඹා යාමට ඉලක්කයක් පිටියට පිවිසි අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීම හේතුවෙන් තරඟයේ ලකුණු තත්ත්වය සම වුණා.
මේ අනුව තරඟයේ ජයග්‍රාහකයා තෝරාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එහිදී පළමුව පන්දුවට පහර දුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දු 6 තුළ ලකුණු 18ක් රැස් කළා.
ලකුණු 19ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 13ක් පමණි.
මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ කෝඩුකාර අමෙරිකානු කණ්ඩායම ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම පරදවා ලකුණු 5ක ඓතිහාසික විස්සයි විස්ස තරග ජයක් හිමි කරගැනීමට සමත් වුණා.
Leave a Reply