ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ අනුව ඊට අදාළ ලිපිය ඔහු විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.
ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි.
කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර බිමල් රත්නායක මහතා යටතේ පවතින අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති ධුරයෙන් අස්වූ 3 වන පුද්ගලයා වන්නේ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතායි.
මිට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති රුවන් විජයමුණි මහතා එම ධුරවලින් ඉල්ලා අස්වුණා.
Leave a Reply