Loading...

තාවකාලිකව නතර කළ උසස් පෙළ විභාගය හෙට සිට නැවත ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) සිට නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

2024 උසස් පෙළ විභාගය පසුගිය 25 වනදා ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාව සමඟ 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කළා.

මේ අනුව හෙට (04) දිනයේ සිට විභාග කටයුතු ආරම්භ කරන අතර කාලසටහනේ හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන්වල අනුව විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙනු ඇති.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ විභාගය නොපැවැත්වූ දිනවල පැවැති විෂයන් ඉදිරි දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

තවද නව කාලසටහන විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට ද පියවර ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *