Loading...

යාපනේ දොස්තර වෛද්‍යවරයා ගැන කථානායකවරයා ගන්න යන තීරණය

2024 පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරියේ දී ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසනවා.

ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම සහ ජාතිවාදය ඇති වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අද වන විට සමාජයේ ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ කථානායකවරයා,

“ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය ඉතාමත් පැහැදිලියි. එහෙම දෙයක් අද රට තුළ බලාපොරොත්තු වෙන්නේ නෑ ජනතාව. ඒ ජනතාව උතුර, බටහිර හරි නැගෙනහිර හරි වෙන්න පුළුවන්, සෑම ජනතාවක්ම බලාපොරොත්තු වෙන්නේ සමගියෙන් රට දියුණු කරන්න මැදිහත් වෙනවා කියලා. ඒක තනි පුද්ගලයෙක් කරපු දෙයක් විදියට තමා අපි දන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔහු සමග කතා කරලා ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල අපි පරීක්ෂා කළා. ඔහු සමග කතා කරන්නත් පුළුවන් අපි බුද්ධිමත්ව කටයුතු කරලා ඉදිරියේ දී මේ ගැන පැහැදිලි කරගමු.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *